චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා... බැල්ම හෙලා....// පාළු පැලේ... අඳුර පිරේ... මගෙ පැලට වරෙන්... හනික සෝඩි නඟේ පාළු පැලේ... අඳුර පිරේ... මගෙ පැලට වරෙන්... හනික සෝඩි නඟේ දුරුතු හඳේ...සිහිල වගේ තනි හිතට මගේ... පාළු දැණෙයි නඟේ... දුරුතු හඳේ...සිහිල වගේ තනි හිතට මගේ... පාළු දැණෙයි නඟේ... සුනිලුන්ගේ ගීතාවලියේ සපූගේ ගීත රාශියක් තියනවනේ පාට දේදුනු, නිදුකාණනේ, හංස රාජිනී, හදේ කොතැනක, ඇසුවේද කවුරුන් හෝ, සංතාප මාවතේ, මිනිසා සුවඳයි, මලට සුවද සේ, දසන් දිනා, සූවිසි වරණින්, රන් මලක්. මලින් මලට වැනි කුමාරදාස සපුතන්ත්‍රි මහතාගේ ගීත රාශියක් විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරනවා. විශේෂත්වය වෙන්නේ මේ හැම ගීතයකටම පාහේ සංගීතයෙන් දායකවන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා. අපි අද කතා කරන්න යන චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතය හරි විශේෂයි. කුමාරදාස සපුතන්ත්‍රි මහතා විසින් රචිත විශාරද සුනිල් එදිරිසිංහ මහතා ගායනා කළ ගීත රාශිය අතර මේ ගීතය සපූගේ පළමු ගීතය. සුනිලුන්ගේ ගීතාවලියේ කුමාරදාස සපුතන්ත්‍රි යන නාමය සනිටුහන් වන්නේ මේ ගීතයෙන්. මේ ගීතය තේරුම් ගැනීම එතරම්ම අපහසු නැති නිසා කුමාරදාස සපුතන්ත්‍රි මහතා ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මොකද අපි ගීත සාහිත්‍ය ගැන කතා කරනකොට සෑමවිටම ගායකයා තමයි කැපී පෙනෙන්නේ. තනු නිර්මාපකයා සහ ගේයපද රචකයා ගැන අපි කතා කරන්නෙ හරි අඩුවෙන්. ඒක එතරම් සාධාරණ නොවන බවයි මගේ අදහස. බේරුවල වලතර විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ කුමාරදාස සපුතන්ත්‍රි මහතා පාසල් වියේ සිටම කාව්‍යකරණයේ අභ්‍යාසත් සමග 70 දශකයේ කවියෙකු බවට පත් වුණා. එතුමා 1975 සරසවියට පිවිසුණු අතර ශිෂ්‍ය දේශපාලනයේ පන්නරය ලබමින් නිර්මාණ ජීවිතය තෝරාගන්නවා. පසුව එතුමා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන් වලට සම්බන්ධ වුණු අතර එතැන් සිට මේ දක්වා ගී පද වැල් රාශියක් සිංහල සුභාවිත ගීතයට එතුමා අතින් දායාද වෙනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාත් සපූගේ ගීත රාශියක් ගායනා කරනවා මාරම්බරී, ලඳු ඕවිටි කළල් මතින්, එපා සඳේ ඔබේ සිනා, යට ගිය දවසක, මාලතී වසන්තේ, අකුරු මැකී නෑ එවැනි ගීතවලින් කීපයක්. එපමණක් නොවෙයි වික්ටර් රත්නායකයන් නිරංජලා සරෝජිනී. අබේවර්ධන බාලසූරිය, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් වැනි සුභාවිත ගායක ගායිකාවන් රාශියක් සපූගේ ගී පදවැල්වලින් තම ගීතාවලිය පෝෂණය කරගන්නවා. ජීවිත කතාව ගීතයෙන් ලියූ මේ මිනිසා සිංහල සුභාවිත ගීතයේ තවත් එක් නොමැකෙන සළකුණක්. Get link Facebook X Pinterest Email Other Apps November 18, 2020 Read more